නිර්මාතෘවරුන්....
- “ආදි ශිෂ්‍ය ශාලාව” ආදි ශිෂ්‍ය ආධාරයෙන් ද,
- “ආරියතිලක ශාලාව” පාසල් සංවර්ධන සමිතිය ආධාරයෙන් ද,
- “ශිෂ්‍ය ශ්‍රමය ශාලාව” ශිෂ්‍යයන්ගේ ශ්‍රම ආධාරයෙන් ද,
- “බුදු මැදුර” වෛද්‍යාචාර්ය පලඟසිංහ මහතාගෙන් ද,
- හිටපු විදුහල්පති ඩී. ඒ. ඩබ්ලිවු. ජයවර්ධන මහතා ඇතුලු සහෝදර සහෝදරියන් විසින් “කාර්යාල ගොඩනැගිල්ල” ද,
- මාහිතගොඩ වලව්වේ දොස්තර එච්. ඩී. වීරසිංහ මහතාගේ ආධාර ඇතිව “විද්‍යාගාරය” ද,
- එල්. එල්.විමලසේන මහතාගේ පරිත්‍යාගයෙන් “නලජල පද්ධතිය” ද,
- ජී.බී.කේ.ජන්දිරිස් අප්පුහාමි මහතා සහ ගුරු දෙගුරු සමිතිය මගින් “ගුරු විවේකාගාරය” ද, රජයේ ආධාර ඇතිව “සෞන්දර්ය ඒකකය” වැනි භෞතික සම්පත් රාශියක් සහ ක්‍රීඩා පිටිය අක්කර 02 ක් සහ කෘෂි විද්‍යාව සඳහා කුඹුරු අක්කර 01 ක් ද මෙම කාලසීමාව තුළදී පාසලට ලබා ගැනීමට හැකි වූයේ පූජ්‍ය අතුරලිය ඉන්ද්‍රරතන හිමිපාණන්ගේ නොපසුබට උත්සාහයේ හා අනුශාසකත්වයේ ප්‍රතිඵලයක් ලෙසිණි..

