පාසල් ගීතය....
ලක් දෙරණට ජය දද නංවා
පාලටුවේ ගුණරතන'ප විදුහල් මාතා සැරදේවා......//
සෙනෙහස දනවා විදුඅම කිරිදී
රැක ගුණ නුවණ සදා
සිසු දරු කැල නිති නිසි මග මගවා
සිය විය සවිය යොදා
ලක් දෙරණට ජය දද නංවා
පාලටුවේ ගුණරතන'ප විදුහල් මාතා සැරදේවා......//
නව පණ ලැබ පිබිදෙමු අපි
ඔබ නම කියවෙන විටදී පවා
ඔබ පෑ මග ඉදිරියටම යමු
බස රැස දෙස සමය වඩා
ලක් දෙරණට ජය දද නංවා
පාලටුවේ ගුණරතන'ප විදුහල් මාතා සැරදේවා......//
වියතුන් වී සමතුන් වී
ඔබ නම සුරකිමු ඔබ හට දිවි දෙමු
නමදිමු අප මාතා
ලක් දෙරණට ජය දද නංවා
පාලටුවේ ගුණරතන'ප විදුහල් මාතා සැරදේවා......//